UPDATE :-අස්ථි බිඳීමක් නැහැ – සුළු ඉදිමීමක් පමණයි – මැතිව්ස් යළිත් පිතිකරණයට!

මේ වනවිට (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දී පන්දුවට පහරදෙමින් සිටියදී ආබායට ලක් වූ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් යළිත් පන්දුවට පහරදීමට යෝග්‍ය ශරීර සෞඛ්‍ය මට්ටමක සිටින බැවින් ක්‍රීඩා පිටියට පිවිස තිබෙනවා.

ඒ මීට ටික වේලාවකට පෙර සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගිය ධනංජය ද සිල්වාගෙන් පසුව 5 වැනි කඩුල්ලටයි.

ඔහු අද පෙරවරුවේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි අතර නවසීලන්තයේ වේග පන්දු ක්‍රීඩක William O’Rourke යොමු කළ පන්දුවක් දකුණතෙහි දබරැඟිල්ලෙහි වැදීමෙන් ආබාධයට ලක් වුණා.

ක්‍රීඩා පිටියේදී ඒ සඳහා අවශ්‍ය මූලික ප්‍රතිකාර කිරීමෙන් පසුව ද ඔහු එක් පන්දු වාරයක් පමණ ක්‍රීඩා කිරීමට උත්සාහ දැරුව ද ඇඟිල්ලෙන් මතු වූ අධික වේදනාව හේතුවෙන් මැතිව්ස් ක්‍රීඩාගාරයට නැවත ගමන් කළේ සිය අසුන කමිඳු මෙන්ඩිස් හට පවරමින්.

ඉන් පසුව තොරතුරු වාර්තා වන පරිදි මැතිව්ස්ගේ ඇඟිල්ලෙහි අස්ථි බිඳීමක් සිදු වී නැති බවත්; සුළු ඉදිමීමක් පමණක් පවතින බැවින් ඊට අවශ්‍ය ප්‍රතිකාර ඔහුට ලබා දී ඇති බවට වාර්තා වනවා.

එබැවින් තරගයේ ඉතිරි අර්ධයේ දී මැතිව්ස් යළිත් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවටයි පැවසෙන්නේ.

මේ වනවිට දිවා ආහාරයෙන් පසුව තරගයේ පළමු දිනයේ දෙවැනි අර්ධය ආරම්භ වී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 108ක් ලබා සිටිනවා.

කඩුල්ලෙහි රැඳී සිටින්නේ කමිඳු මෙන්ඩිස් සමගින් ඇන්ජිලෝ මැතිව්ස්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18