සජබ රැලියේ සිංදු කියන්න ඕන කියා පොඩ්ඩෙක් හඬා වැටෙයි

සමගි ජන සන්ධානයේ ඊයේ (17) රාත්‍රියේ දී පැවති ජන රැලියේ දී කුඩා දරුවෙකු තමන් හට එම වේදිකාවේ ගීත ගායනා කිරීමට අවශ්‍ය බවට කියමින් හැඬූ පුවතක් වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම කුඩා දරුවා සමගි ජන බලවේගය ආසන සංවිධායකවරුන් අසලට ගොස් තමන්ට ගීත ගායනා කරන්නට අවස්ථාවක් ලබාදෙන ලෙසට ඉල්ලමින් හඬා වැටුණු බවයි.

එම අවස්ථාවේදී සජබ පක්ෂ නියෝජිතයින් පවසා ඇත්තේ දරුවාට එම අවස්ථාව ලබාදීමට සංවිධායක මණ්ඩලය ලවා කටයුතු කරලීමට උත්සාහ ගන්නා බවයි.

කෙසේවෙතත් ඉන් පසුව දරුවා හැඬීම නතර කර මාධ්‍යයට තමන් හැඬීමට හේතු පවසා තිබෙනවා.

තමන්ට වේදිකාව මත ගීත ගායනා කිරීමට ආසාවක් තිබූ බවත්, තමන් එහි පැමිණියේ ඒ සඳහා බවත් අවස්ථාවක් නොලැබේ යැයි සිතා දුක සිතී හැඬූ බවත් හෙතෙම කියා සිටියා.

එවිට අප මාධ්‍යවේදියා විමසා ඇත්තේ ගායනා කිරීමට බලාපොරොත්තු වන ගීත කවරේද යන්නයි.

එම පැනයට දරුවා විසින් පවසනු ලැබුවේ මේ වනවිට ජනප්‍රිය තලයක පවතින ගීත වන ‘කාසි සබන් පෙණලු සහ සීතල හාදුවකින්” යන ගීත තමන් සමගි ජන සන්ධාන වේදිකාව මත ගායනා කිරීමට කැමති බවයි.

මෙම සජබ රැලිය වර්ණවත් සහ ප්‍රබෝධමත් කරමින් සංගීත සංදර්ශනයක් ද පැවැත්වුණා.

ඊට රූකාන්ත ගුණතිලක, පේෂල මනෝජ්, අශාන්‍යා, වැනි ගායක ගායිකාවන් පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43