2025 ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා සටනට පිවිසෙන කණ්ඩායම් ගැන පෙරනිමිත්තක්

ලබන වසරේ ජුනි මස 11 සිට 15 තෙක් එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ දී පැවැත්වීමට නියමිත ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට වැඩි හැකියාවක් සහ ඉඩකඩක් ඇති කණ්ඩායම් පිළිබඳ ව මේ වනවිට (18) අවධානය යොමුව තිබෙනවා.

මේ වනවිට ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ සිටින වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායමත්, දෙවරක්ම ලෝක ටෙස්ට් ශූරතාව දිනාගත් ප්‍රබල ඔස්ට්‍රෙලියානු කණ්ඩායම දෙවැනි ස්ථානයේත් සිටීම වැඩි කතාබහක් මතු කිරීමට හේතු සාධක සපයා ඇති බවයි ICC වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ඉන්දීය කණ්ඩායම මුහුණ දුන් ටෙස්ට් තරග 09න් 06ක් ම ජයගෙන ඇති අතර ඔස්ට්‍රෙලියානු කණ්ඩායම තරග 12කට එක් ව ජයගෙන ඇත්තේ ටෙස්ට් තරග 08ක් පමණක් වීම ඊට හේතුවයි.

කෙසේවෙතත් අවසන් මහා සටනට පිවිසීමේ ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණයට ඇති ඉඩකඩ 68.52%ක් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වාදෙන්නේ.

එබැවින් ICC පෙන්වාදෙන්නේ ඉන්දීය කණ්ඩායම නියත වශයෙන් ම ලබන වසරේ ලෝඩ්ස් හි පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා සටනට සුදුසුකම් ලැබීමේ වැඩි ඉඩක් පවතින බවයි.

ඉන්දීය කණ්ඩායම 2021 සහ 2023 යන වසරවල දී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියක අවසන් මහා තරගය දක්වා පැමිණියා.

ඉන්දියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි මුදුනට පැමිණීමට බලපෑ ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 1-0ක් ලෙස තරගාවලි ජයග්‍රහණයක් ලැබීමත් එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වීමයි.

එමෙන්ම ප්‍රබල ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයේ දී ද ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත් කරගැනීමට සමත් වුණා.

හෙට (19) චෙන්නායිහි දී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ද ඉන්දීය කණ්ඩායමට තීරණාත්මක තීරණයක් ලබාදෙනු ඇති.

මේ අතර ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටින ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අවසන් මහා සටනට පිවිසීමේ 62.50%ක ඉඩකඩක් ඇති බවට වාර්තා වනවා.

වත්මන් ලෝක ටෙස්ට් ශූරතාවලියේ හිමිකරුවන් වන්නේ ද ඔස්ට්‍රෙලියාව වන අතර පැට් කමින්ස් යටතේ, දැඩි කැපවීමකින් ඔවුන් ටෙස්ට් ශූරතා තරග සඳහා එක් වනවා.

එංගලන්තයට එරෙහිව ඔස්ට්‍රෙලියාව තරග 05කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට එක් වූ අතර එහිදී තරගාවලිය තරග 2-2ක් ලෙස ශූරතාව ජය පරාජයෙන් තොරව අවසන් කෙරුණා.

සිය මව්බිමේ දී පාකිස්තාන කණ්ඩායම ටෙස්ට් තරග 3-0ක් ලෙස පරාජයට පත් කරමින් මෙන් ම බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ද තරගාවලි ජයක් ලැබීම කැපී පෙනෙන විශිෂ්ටතා අතර වුණා.

ප්‍රතිවාදී නවසීලන්තයට එරෙහිව පැවති තරග 02ම ඔස්ට්‍රෙලියාව ජය ගත්තා.

ඔස්ට්‍රෙලියාවට මෙම ටෙස්ට් ශූරතා චක්‍රයේ තවත් තරග 07ක් ඉතිරිව ඇති අතර ඒ ඉන්දියාවට එරෙහිව සිය මව්බිමේ දී සහ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

නවසීලන්ත කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව සියයට 50ක් පමණ බවටයි ගණනය කර ඇත්තේ.

එය වැඩි හෝ අඩු වනුයේ අදින් (18) ආරම්භ වන ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තීරණයත් සමගයි.

මේ වනවිට ප්‍රසාද ලැයිස්තුවේ සිව්වැනි තැන ගෙන සිටින බංග්ලාදේශයට අවසන් මහා සටනට පිවිසීමේ හැකියාව 45.83%ක් වන අතර ඔවුන් ඒ ආකාරයේ ප්‍රවර්ධනයක් අත්පත් කරගැනීමට පසුගියදා පාකිස්තානයට එරෙහිව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමෙන් සමත් වුණා.

කෙසේවෙතත් හෙටින් ඇරඹෙන ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය බංග්ලාදේශයට අතිශය තීරණාත්මක වනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වනවිට ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ පස්වැනි තැන හිමි ව තිබෙනවා.

ඔවුන් තරග 07කට එක් ව ඇති අතර ඉන් ජයගෙන ඇත්තේ තරග 03ක් පමණක් නිසා ප්‍රසාද ලකුණු 36ක් හිමි ව ඇති බවයි සටහනේ දැක්වෙන්නේ.

එබැවින් ලබන වසරේ ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට 42.86%ක ඉඩකඩක් පවතිනවා.

ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට තල්ලුවක් ලබා ගැනීමට අද පැවැත්වෙන නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය තීරණාත්මක වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21