පීලි පැනීමක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ප්‍රමාද වී තිබෙනවා.
අද (18) පෙරවරුවේ ලෝඩර් රථයක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.
එය නිසියාකාරව මේ වනවිට දුම්රිය කාර්‍යය මණ්ඩලයේ කම්කරුවන් එක් ව යළි යථා තත්ත්වයට පත් කරමින් සිටිනවා.
නාරාහේන්පිට – කිරුළපන ප්‍රදේශයේ දීයි මෙම පීලි පැනීම සිදු ව ඇත්තේ.













