AFC Banner
Empty Ad
Empty Ad

නීතිවිරෝධී ධීවර ආම්පන්න භාවිත කර මත්ස්‍යයින් ඇල්ලූ දෙදෙනකු මාට්ටුයි

නීතිවිරෝධී ධීවර ආම්පන්න යොදා ගනිමින් මත්ස්‍යයින් ඇල්ලීමේ කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ ඊයේ (16) පස්වරුවේ මෙම මෙහෙයුම යාපනය – චුණ්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේ දී සිදු කළ බවයි.

මෙම මෙහෙයුමේ දී විදුලි ආලෝක ධාරා භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් දෙදෙනකු සමග ඩිංගි යාත්‍රා ද්විත්වයක් ද තම භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම මගින් මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 40 ක් සහ 41 ක් වන, කොන්නාන්තිව් සහ මුල්ලියාන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගැනුණා.

සැකකරුවන්, ඩිංගි යාත්‍රා සහ නීතිවිරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරුණු බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?