AFC Banner
Empty Ad
Empty Ad

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් ඉවත් කිරීමට තීරණයක්

පසුගිය ඉරිදා නිමා වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න 03ක් ඉවත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විධිමත් පරීක්ෂණයකින් අනතුරුවයි මෙම ප්‍රශ්න තුන ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු පත්‍රයේ අදාළ ප්‍රශ්න 03ට සමාන ප්‍රශ්න 03ක් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් හරහා අලව්ව ප්‍රදේශයේ, ගුරුවරයෙක් විසින් සමාජ මාධ්‍යයට එක්කර ඇති බවට ලද තොරතුරක් මත එම දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සකස් කළ කමිටුව කැඳවා සිදුකළ සාකච්ඡාවකින් පසු අදාළ ප්‍රශ්න තුන ඉවත් කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
9
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?