ජනපතිවරණයේ ප්‍රචාරක රැළිවලට සෙනඟ අදින්න බස් රථවලට කෝටි 200ක් (වීඩියෝ)

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළි සඳහා රුපියල් කෝටි 200 කට වැඩි මුදලක් වැයකර බස් රථ ලබාගෙන ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (17) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මෙලෙස බස් රථ ලබාදීම හරහා රුපියල් කෝටි 100 කට ආසන්න ලාභයක් ලබා ඇති බවයි.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු හෙට දිනයේ දී පැවැත්වෙන අවසාන ජන රැළි සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බස් 1500ක් පමණ දැනටමත් ඉල්ලුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙහිදී අදහස් දැක් වූ සභාපතිවරයා පැවසුවේ ප්‍රචාරක රැළි සඳහා බස් රථ ලබාගැනීමේ දී වැඩිම බස් ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය බවයි.

ඔවුන් මීට මාස 06කට පෙර සිට මෙම බස් ලබාගැනීම සිදුකර ඇති බව මෙහිදී ඔහු අනාවරණය කළා.

මේ අතර මැතිවරණ රාජකාරී සඳහා බස්රථ 500 කට ආසන්න ප්‍රමාණයක් ලංකාව පුරා යොදවා ඇති බව ඔහු කියා සිටියා.

එමෙන්ම මැතිවරණය හේතුවෙන් මහජනතාවට ප්‍රවාහන පහසුකම සලසා ගැනීමට 20 වන දින බස් රථ 50%ක පමණ ප්‍රමාණයක් ධාවනයට යොදවන බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම මැතිවරණය පැවැත්වෙන 21 වන දින 10%ත් 15%ත් අතර ප්‍රමාණයක් බස්රථ ධාවනය සඳහා එක්කර බවත් දුර ගමන් සේවා බස් රථවල විශාල අඩුවක් එදින සිදුවන බවත් සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14