AFC Banner
Empty Ad
Empty Ad

නිශාන් මධුෂ්කගේ තැන ඕෂධට – නවසීලන්තයට එරෙහි ටෙස්ට් සංචිතයටත්

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරු ඕෂධ ප්‍රනාන්දු යළිත් දිවයිනට කැඳවා තිබෙනවා.

ඒ හෙට (18) දිනයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සහභාගී වීම සඳහා යි.

ඕෂධ ප්‍රනාන්දු පසුගිය දිනවල දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක් ව සිටියා.

එහිදී ඔහු විශිෂ්ට ලෙස සිය පිතිකරණ දක්ෂතා අතරට පැමිණීමට සමත් වූ අතර ඉන් අනතුරුවයි ඔහුට යළිත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඇරයුම් ලැබී ඇත්තේ.

ඕෂධ ප්‍රනාන්දුගේ පැමිණීමත් සමග එංගලන්ත ටෙස්ට් තරගාවලියට එක් ව සිටි නිශාන් මධුෂ්ක, කසුන් රාජිත සහ නිසල තාරක සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

මාස 18කට පසුවයි ඕෂධ ප්‍රනාන්දු මෙලෙස ජාතික කණ්ඩායම සමග එක්වන්නේ.

ටෙස්ට් තරග 21කට ක්‍රීඩා කර ඇති 32 හැවිරිදි ඕෂධ ප්‍රනාන්දු පිතිකරුවකු වශයෙන්, කිම්බර්ලි හි පැවති නිල නොවන ටෙස්ට් තරග දෙකෙන් පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා A තරගයේ තරගයේ වීරයා බවට පත් වූයේ ද,
ඉනිම් දෙකෙහි ම ලකුණු 122ක් සහ 80ක් ලබා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?