ICC නිල තේමා ගීතය තනි ගීයක් ලෙස ජනගත කෙරේ (වීඩියෝ)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය නිල තේමා ගීතය තනි ගීතයක් ලෙස නිකුත් කර තිබෙනවා.

අද (16) පස්වරුවේ මෙම ගීතය ICC නිල වෙබ් අඩවිය සහ යූ ටියුබ් වෙත මුදා හැර ඇත්තේ.

ස්කොට්ලන්ත ජාතික ප්‍රවීණ චිත්‍රපට සහ රූපවාහිනී සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන Lorne Balfe විසින් මෙම නිල තේමා ගීතය විවිධ වේදිකා හරහා ‘The ICC Anthem’ ලෙසින් නව සංයුතියක් ලෙස ජනගත කර තිබෙනවා.

මෙම සංකේතාත්මක සංගීත ඛණ්ඩය ICC සහ ලෝක කුසලාන ඉසව්වල නව ශබ්ද අනන්‍යතාව ලෙස ඉදිරියේ දී ක්‍රියා කරනු ඇති බවයි ICC නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එම ගීත කණ්ඩ ටෙස්ට්, එක්දින සහ T20I ආකෘති හරහා ක්‍රිකට් ජීවය ගුණාත්මක කරන බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

ලන්ඩනයේ ඇබේ රෝඩ් රෙකෝඩින් මැදිරියේ දී මෙම ගීතය පටිගත කර තිබෙනවා.

මෙම නිකුතුව පිළිබඳව අදහස් දක්වමින් ICC ඉසව් ප්‍රධානී Chris Tetley පැවසුවේ, “පසුගියදා පැවති පිරිමි T20 ලෝක කුසලානයේ දී මෙම ගීතයට ලැබුණු ප්‍රතිචාර ගැන අපි සතුටු වෙනවා. එය ක්‍රීඩාවේ දිගුකාලීන කොටසක් ලෙස හැඟී ගිය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ICC කාන්තා T20 ලෝක කුසලානයේ දී මෙම ගීතය එහි එක් කිරීම ගැන ද බලාපොරොත්තුවෙන් සිටිමු..” යනුවෙනි.

මෙම ගීතය Spotify, Wynk, Gaana, JioSaavn, Amazon Music, Apple Music සහ Instagram Music ඇතුළු බහු වේදිකා වෙත මුදා හැර තිබෙනවා.

ICC විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිල ගීතය මෙතැනින් නරඹන්න..

https://www.icc-cricket.com/news/the-new-icc-anthem-launched-as-a-single

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?