AFC Banner
Empty Ad
Empty Ad

වැල්පාලමේ ගමනේ 75%ක් අවසන් : ඉතිරිය නිමකරන්න ජන වරම මට දෙන්න – ජනපති

වැල් පාලමේ ගමනේ සියයට 75ක කොටසක් මේ වනවිට අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අම්පාර පැවති විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉතිරි සියයට 25ක කොටස නිම කිරීමට මෙවර ජන වරම තමන්ට ලබාදෙන ලෙසටයි.

නාට්‍ය සාහිත්‍යය උදාහරණයට ගෙනමින් ගෘෂාට මුහුණ දීමට සිදු වූයේ එක් නතාලියා කෙනෙකුට බවත් තමන්ට නතාලියා දෙදෙනෙකුට මුහුණදීමට සිදු ව ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

දරුවාගේ අයිතිය ඉල්ලා දෙදෙනාම කෑ ගැසුව ද තමන් වැල් පාලමේ ගමන අවසන් කර රට ජයග්‍රහණය කරවීමට දැරිය හැකි සෑම උත්සාහයක් ම ගන්නා බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බවත්, වැල් පාලමේ ගමන සම්පූර්ණ කරමින් යළි නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට නම් මෙම සැප්තැම්බර් 21 වනදා පක්ෂ පාට භේදයෙන් තොරව සියලු ජනතාව රට වෙනුවෙන් එක් විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?