රන් ආකරයක් නිසා පැපුවා නිව්ගිනියාවේ ගෝත්‍රිකයින් අතර දරුණු ගැටුම්

පැපුවා නිව්ගිනියාවේ මතභේදයට තුඩු දී ඇති පෝර්ගේරා රන් ආකරයක් සම්බන්ධයෙන් ගෝත්‍රික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එරට පොලිස් කොමසාරිස් ඩේවිඩ් මැනිං පවසන්නේ ගෝත්‍රික කණ්ඩායම් අතර ඇතිවන සටන් නැවැත්වීමට ආරක්ෂක හමුදාවන්ට හදිසි බලතල ලබා දී ඇති බවයි.

සාකර් වංශයේ සාමාජිකයන් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන පියන්ඩේට අයත් ඉඩමක අගෝස්තු මාසයේදී පදිංචි වූ දා සිට රටේ මධ්‍යම කඳුකරයේ මෙම දෙපිරිස අතර ගැටුම් ඇති වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගෝත්‍රිකයන් අතර පැවති සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ඉරිදා දිනයේ පමණක් ගෝත්‍රිකයන් විසින් වෙඩි 300කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බව එරට පොලිසිය පවසනවා.

මතභේදයට තුඩු දී ඇති පෝර්ගේරා රන් ආකරය වරක් පැපුවා නිව්ගිනියාවේ වාර්ෂික අපනයන ආදායමෙන් සියයට 10ක් පමණ වූ නමුත්, ගෝත්‍රික ප්‍රචණ්ඩත්වය සහ රජය අත්පත් කර ගැනීමේ හේතුවෙන් මෑත වසරවල එහි ආදායම සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.

ප්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය දා පැපුවා නිව්ගිනියාවේ සිදුකළ සංචාරයක දී ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස ගෝත්‍රික කණ්ඩායම්වලින් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01