රාජ්‍ය ඇමති සේමසිංහගේ රිය හැප්පූ පුත්තලම ASPට ඇප

බීමතින් රිය ධාවන කර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ නිල රථය අනතුරට ලක්කර බව කියන සහකාර පොලිස් අධිකාරීවරයා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපමත මුදාහැර තිබෙනවා.

ඒ, සැකකාර පොලිස් අධිකාරීවරයා පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ (15) දින ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 14 වනදා රාත්‍රියේ පුත්තලම කොට්ඨාසයේ රථ වාහන අංශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා පුත්තලම – හලාවත මාර්ගයේ පාලාවිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ තම පවුලේ අය සමඟ නිල රථයෙන් කොළඹ සිට අනුරාධපුරය දක්වා ගමන් කරමින් සිටි ඇති අතර, සහකාර පොලිස් අධිකාරීවරයා තමන්ට අයත් නිල රථයෙන් කොළඹ දෙස සිට පුත්තලම දෙසට ගමන් කරමින් සිටිය දී මෙම අනතුර සිදුව තිබෙනවා.

අධික ලෙස බීමතින් සිට ඇති සහකාර පොලිස් අධිකාරීවරයා අනතුරින් පසු කලහකාරී ලෙස හැසිරෙමින් රාජ්‍ය ඇමතිවරයාගේ ආරක්ෂක නිලධාරියා සහ රියදුරා සමඟ ආරවුලක් ඇති කර ගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

අනතුරුව පුත්තලම පොලීසය විසින් අත්අඩංගුවට ගැනුණු සහකාර පොලිස් අධිකාරීවරයා ඊයේ (15) පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස ඇප නියමකර ඇත්තේ.

  1. මේ රට විනයකට නීතියකට හදන්න වුවමනා නම් රටේ නීතිය උල්ලංගනය කරන නිලධාරීන් මුලින්ම රැකියාවෙන් එලවල දාන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40
Video thumbnail
එක පෑන් පාරෙන් ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න - නිලධාරින්ට දඬුවම් දෙන්න
08:51
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23