කාදිනල් හිමිගේ රුව යොදාගෙන ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍යයේ – අගරදගුරු පදවියේ දැඩි අප්‍රසාදය

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් සිදුකළ ප්‍රකාශයක් බවට දන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පුවතක් සංසරණය වන බවට අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් පවසනවා.

“සජිත් ජනාධිපති වුනොත් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුවීම ගැන සැකයි” යන ප්‍රකාශය කාදිනල් හිමිපානන් විසින් සිදුකර ඇති බවට දක්වමින් මෙම සාවද්‍ය පුවත නිර්මාණය කර තිබෙනවා.

අති උතුම් කාදිනල් හිමිපාණන් විසින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි ජූඩ් ක්‍රිසන්ත පියතුමන් පවසන්නේ.

කාදිනල් හිමිගේ රුව මෙලෙස යොදාගනිමින් මහජනතාව අතර එවැනි බොරු ප්‍රචාර සිදුකිරීම සම්බන්ධයෙන් අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා දැඩි අප්‍රසාදය පළකර සිටිනවා.

  1. ඔය ජනපතිවරණ ලැයිස්තුවේ කිසිවෙකු ජනපති වුවත් සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ලංකාවේ isis අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ පාස්කු බෝම්බය වලට සත්‍ය සොයා යුක්තිය ඉටු නොවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51