AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

යාපනය, ඌර්කාවතුරේ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදි දෙකක් මුහුණට ගැටීමෙන් සිදු වූ අනතුරකින් පසු එක් යතුරුපැදිකරුවෙක් ඇද වැටී මාර්ගයේ ගමන් ගත් JCB යන්ත්‍රයකට යටවී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරියා යාපනය, තෙල්ලිප්පලේ පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ අයෙක්වන අතර, ඔහු පුන්කුඩිතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනෙක් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා බරපතළ තුවාල ලබා ඌර්කාවතුරේ රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු යාපනය රෝහලට මාරුකර යවා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ඌර්කාවතුරේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?