දකුණු ආසි­යානු කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා­වට පද­ක්කම් රැසක් (ඡායාරූප)

04වන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 09ක්, රිදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 17ක් වශයෙන් සමස්ථ තරගාවලියේ පදක්කම් 35ක් දිනාගෙන අද (14) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය පසුගිය සැප්තැම්බර් 11වනදා සිට 23වනදා දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙනවා.

එම තරගාවලියේ දී නව දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තා 05 ක් තැබීමට ද ශ්‍රී ලංකාව නියෝජනය කළ පිරිමි ක්‍රීඩකයින් සමත් වී තිබුණා.

ඒ අතර මීටර් 100, මීටර් 100 × 4 සහාය දිවීම, මීටර් 200, මීටර් 800 සහ උස පැනීමේ ඉසව්වලට සහභාගී වෙමින් ඔවුන් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා.

එසේම කොළඹ ආනන්ද විද්‍යාලයේ ටෙරෝන් විජේසිංහ ක්‍රීඩකයා මීටර් 100 සහ මීටර් 100 × 4 ඉසව් සදහා සහභාගි වෙමින් නව දකුණු ආසියානු කළාපයේ වාර්තාවක් තබමින් මෙන්ම කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවක් ද තබමින් රන් පදක්කම් 02ක් දිනා ගැනීමට සමත් වුණා.

එම විද්‍යාලයේ ඉදුසර ක්‍රීඩකයා ද මීටර් 200 සහ මීටර් 100 × 4 ඉසව් සදහා දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් තබමින් රන් පදක්කම් 02ක් දිනා ගැනීමට සමත් ව සිටියා.

මෙම පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (14) දින ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 271 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් මෙන්ම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉගෙනුම ලබන පාසැල්වල ගුරුභවතුන් , සිසුන් , විදුහල්පතිවරුන් සහ එම සිසුන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය වෙත පැමිණ තිබුණා.

20240914 142014 scaled
20240914 140825 3 scaled
20240914 140805 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32