වෛද්‍ය ක්ෂේත්‍රය නවීකරණයට ජනාධිපතිගෙන් නව වැඩපිළිවෙලක්

රටක රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩ නොතැබිය යුතු බවත්, එවැනි තත්ත්වයක් ඇතිවීම බරපතළ ඛේදවාචකයකට මග පාදන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

රාජ්‍ය බලයේ ඇති වූ රික්තය පිරවීමට බංග්ලාදේශය අසමත් වීම නිසා මේ වන විට එරට ඛේදවාචකවකට මුහුණ දී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා 2022 වසරේ දී මෙරට තුළ ද එවැනිම තත්ත්වයක් ඇතිවීමට ගිය බවත්, එම අවස්ථාවේ තමා මැදිහත් ව එය වැලැක්වූ බවත් සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටි‍යේ ‘නිරෝගීමත් අනාගතයක් සඳහා වෛද්‍යවරු’ යන තේමාව යටතේ ඊයේ (12) පස්වරුවේ බත්තරමුල්ල
වෝර්ටස් එජ් හෝටලයේ පැවති වෛද්‍යවරුන්ගේ සංසදය අමතමින්.

මෙම හමුවේ දී ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග විසින් පසුගිය දෙවසරක කාලය තුළ ලබාගත් ආර්ථික ප්‍රගතිය සහ ඉදිරි තත්ත්වය පිළිබඳ විශේෂ දේශනයක් ද සිදු කළා.

මෙහිදී වෛද්‍යවරුන් විසින් ජනාධිපතිවරයා වෙත සිය ගැටළු ඍජුවම යොමු කළ අතර ජනාධිපතිවරයා විසින් ඊට සාධනීය පිළිතුරු ලබා දුන්නා.

වෛද්‍යවරුන්ගේ සංසදය අමතමින් ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ වසර 100 කට වඩා පැරණි වෛද්‍ය ආඥාපනත නවීකරණය කිරීම සහ රාජ්‍ය සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා ආවරණය වන පරිදි පුළුල් සෞඛ්‍ය සේවා පනතක් ගෙන එන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?