හිටපු පා. ම. උද්දිකගේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට පත් පුද්ගලයාට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ නිවසට වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්ව සිටි සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට අද (13) දින ඇප නියම කර තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ නිවසට සහ ඔහු ගමන් ගත් රථයට වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම රක්ෂිත බන්ධනාගාරගතව සිටියා.

අද (13) දින නැවත එම නඩුව කැඳවූ අතර අධිකාරිවරයා අත්අඩංගුවට ගැනීමේ දී ඔහු රැඳී සිටි නිවස පිළිබඳව  විමර්ශනයක් කළ යුතු බව පොලිසිය ඉල්ලීමක් කළ තිබුණ ද සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට ඇප ලබා නොදීමට තරම් ප්‍රමාණවත් කරුණක් නොවන හෙයින් අද (13) දින අනුරාධපුර මහේස්ත්‍රාත් විසින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත සංජීව මහානාම හට ඇප ලබාදීමට කටයුතු කර තිබුණා.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පවසා සිටියේ වෙනත් කිසිදු නඩුවක් හෝ චෝදනාවක්  මෙම නඩුවට අදාළ නොවන බවත් මෙම නඩුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ නිවසට වෙඩි තැබීම සිදු කළ ගිනි අවිය සංජීව මහානාමට අයත් ගිනි අවියෙන් නිකුත් වූ උණ්ඩ බවට නිගමනය කළ නොහැකි බව රස පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී ඇති බව නීතිඥවරුන් පවසා සිටියා.

එම කරුණු සැලකිල්ලට ගෙන අද (13) දින හිටපු සහකාර පොලිස් අධිකාරිවරයාට ඇප ලබාදීමට තීන්දු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51