අධික වේගය ත්‍රීරෝද රිය වතුර කාණුවකට තල්ලු කළ හැටි – තුනක් රෝහලට

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට පත් ව පුද්ගලයින් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන ජලය ගලා බසින කාණුවකට පෙරළීමෙන්; එහි ගමන් ගත් ත්‍රිරෝද රථයේ රියදුරා සහ මගීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මෙම අනතුර සිදු ව ඇත්තේ අද (13) අලුයම හැටන්- නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල – මේෆිල්ඩ් මංසන්ධියේදී බවත් වාර්තා වනවා.

කොළඹ සිට නුවරඑළිය, රාගල ප්‍රදේශයේ පදිංචි ඥාති නිවසකට යාම සඳහා ධාවනය කරමින් තිබු ත්‍රිරෝද රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බවයි හෙළි ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?