සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට එක් කර ගැනීමේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමථයකට පත් කෙරෙයි

රජයේ පාසල්වල දැනටමත් ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සියලුම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමථයකට පත් කර තිබෙනවා.

මෙම පෙත්සම් ඒ.එච්.එම්.ඩී.නවාස්, අචල වෙංගප්පූලි සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (12) සලකා බැලුනා.

අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මේ වන විට ගුරු සේවයේ නිරත වී සිටින සංවර්ධන නිලධාරින් 25,000කට අධික පිරිසක් විශේෂ සම්මුඛ පරීක්ෂණයකට භාජනය කොට සුදුසුකම් සපුරාලන අය ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට තීරණය කර ඇතැයි කියා සිටියා.

ඒ අනුව ජාතික පාසල් සඳහා අවුරුදු 40ක උපරිම වයස් සීමාවකට යටත්ව සහ පළාත් පාසැල් සඳහා අවුරුදු 45ක උපරිම වයස් සීමාවකට යටත්ව අදාළ බඳවා ගැනීම් සිදුකිරීමට තීරණය කර ඇති බවත් මෙම බඳවා ගැනීම්වලට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට යොමුකර ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එම බඳවා ගැනීම සිදුකරන බවත් අතිරේක සොලසිටර් ජෙනරාල්වරයා දැනුම් දී තිබෙනවා.

මෙම කොන්දේසි සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාළ පෙත්සම් සම්මතයට පත්කිරීමටද අධිකරණය තීන්දු කර තිබුණා.

වසර ගණනාවක් ගුරු සේවයේ නිරතව සිටි තමන්ව ගුරු සේවයට අන්තර්ග්‍රහණය නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබෙනවා.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියේ, සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳව විභාගය ගැනුණු නඩු විභාගය අද (12) දින සමථයට පත් වූ බවයි.

එම නඩු සමථයට පත් වීම පිළිබඳ තීරණය නිකුත් කරමින් විනිසුරු මඩුල්ල දන්වා සිටියේ දැනට අධිකරණයට ඉදිරිපත් ව ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇති සමථ කොන්දේසි අනුව ක්‍රියාකළ යුතු බවයි.

ක්‍රියාත්මක වීමේ ස්වභාවය අනුව අවශ්‍ය වුවහොත් අදාළ පාර්ශවයන්ට මෝසමක් මාර්ගයෙන් නැවත නඩුව ආපසු කැඳවීමට අයිතිය ඇති බවත්, එම කරුණු මත නඩුව බහා තබන බවද විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා.

මේ සඳහා මැදිහත්වීම්වන පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි සහ නීතිඥ ඩී. එස්. රත්නායක පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටියා.

රජයේ පාසල්වල දැනට ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගැනීමට ජනාධිපතිවරයා ද මීට ඉහතදී සිය එකඟත්වය පළ කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ඒ බව තහවුරු කරමින් පවසා සිටියේ, එම සංවර්ධන නිලධාරීන් පිරිස අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගෙන ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙසට ජනාධිපතිවරයා දැනුම්දුන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16