පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

කොල්ලුපිටිය අරලිය ගහ මන්දිරය ඉදිරිපිට දී 2019 වසරේ නොවැම්බර් මස පළමු වනදා නිතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට පහරදුන් සිද්ධියේ අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබෙනවා.

සැකකාර මන්ත්‍රීවරයා අසනීප බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා අධිකරණය හමුවේ අද (12) දැනුම් දුන් අතර සැකකාර මන්ත්‍රීවරයාගේ ඇපකරු නඩුව කැඳ වූ අවස්ථාවේ දී විවෘත අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකාර මන්ත්‍රීවරයා ට මහේස්ත්‍රාත් වරයා වරෙන්තු නිකුත් කර තිබුණා.

සිද්ධිය සමථයකට නියමිතව අධිකරණය හමුවේ අද කැඳවනු ලැබුවා.

බන්ධනාගාර ගතව සිටින නිතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න යන අය බන්ධනාගාරය විසින් අධිකරණයට රැගෙන විත් තිබුණා.

නිතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සහ මොහාන් ද සිල්වා යන සාක්ෂිකරුවන් පෙර දින සමස්ථයක් ඇති බව දන්වා සිටි අතර ඉදිරි දින සමථය සම්බන්ධයෙන් කරුණු විමසීමට දෙවන සාක්ෂිකාර සරත් විජේතුංග යන අයට ඉදිරි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ යන අයට පහර දීමක් සිදු කළ බව කියන සිද්ධියකට අදාළව නඩුව කැඳ වූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මියගිය ගිය බව කොල්ලුපිටිය පොලිසිය අධිකරණය හමුවේ දන්වා සිටියා.

ඒ අනුව ඉදිරි දින ඒ මහතාගේ මරණ සහතිකය ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොල්ලුපිටිය පොලීසියට නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියේ දෙවන සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ නඩුව කැඳවන අවස්ථාවේ දී විවෘත අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

එමෙන්ම මහේස්ත්‍රාත් වරයා, එම සිද්ධිය නීතිපති උපදෙස් සදහා ලබන නොවැම්බර් 18 වැනිදා කැඳවීමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32