AFC Banner
Empty Ad
Empty Ad

අපරික්ෂාකාරී රිය ධාවනයෙන් කාන්තාවකට ජීවිතය අහිමි වෙයි

බස් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම අනතුර අද (12) දහවල් සිදු ව ඇත්තේ පාදුක්ක – වටරැක ප්‍රදේශයේ දීයි.

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් අපරික්ෂාකාරීව මාර්ගය හරහා දැමීමට උත්සාහ කළ විට දී පසුපසින් ආ බස් රථය ත්‍රීරෝද රියෙහි ගැටී ගොස් තිබෙනවා.

එහිදී ත්‍රීරෝද රථය මාර්ගයේ කෙටි දුරක් පෙරළී ගොස් ඇති බවයි පැවසෙන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රීරෝද රියෙහි පසුපස ආසනයේ කාන්තාවක් ගමන් කර ඇති අතර ඇය බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

නමුත් ඇය රෝහල්ගත කරන විටත් ජීවිතක්ෂයට පත් ව සිටි බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ ම පදිංචි කාන්තාවක් වන අතර ත්‍රීරෝද රථයේ සහ බස් රථයේ ද රියදුරු දෙපළට තුවාල සිදුව ඇති බවයි පැවසෙන්නේ.

ඔවුන් පාදුක්ක මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පාදුක්ක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?