අපරික්ෂාකාරී රිය ධාවනයෙන් කාන්තාවකට ජීවිතය අහිමි වෙයි

බස් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම අනතුර අද (12) දහවල් සිදු ව ඇත්තේ පාදුක්ක – වටරැක ප්‍රදේශයේ දීයි.

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් අපරික්ෂාකාරීව මාර්ගය හරහා දැමීමට උත්සාහ කළ විට දී පසුපසින් ආ බස් රථය ත්‍රීරෝද රියෙහි ගැටී ගොස් තිබෙනවා.

එහිදී ත්‍රීරෝද රථය මාර්ගයේ කෙටි දුරක් පෙරළී ගොස් ඇති බවයි පැවසෙන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රීරෝද රියෙහි පසුපස ආසනයේ කාන්තාවක් ගමන් කර ඇති අතර ඇය බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

නමුත් ඇය රෝහල්ගත කරන විටත් ජීවිතක්ෂයට පත් ව සිටි බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ ම පදිංචි කාන්තාවක් වන අතර ත්‍රීරෝද රථයේ සහ බස් රථයේ ද රියදුරු දෙපළට තුවාල සිදුව ඇති බවයි පැවසෙන්නේ.

ඔවුන් පාදුක්ක මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පාදුක්ක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16