AFC Banner
Empty Ad
Empty Ad

ඇල්පිටියේ පුංචි ඡන්දය ඔක්තෝබර් 26

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වෙන දිනය අද (12) දහවල් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2024 වර්ෂයට නියමිත පුංචි ඡන්දය ඔක්තෝබර් 26 වැනි දින පැවැත්වෙනු ඇති.

ඊයේ (11) මධ්‍යාහ්න 12 න් පසුව මැතිවරණයට අදාළ ව ඇප මුදල් තැන්පත් කිරීම අවසන් කෙරුණා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ මෙවර පුංචි ඡන්දය සඳහා තරග කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් ද්විත්වයක් එක් ව සිටින බවයි.

අද දිනයේ දී මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම පෙරවරු 09 සිට ඇරඹුණා.

එවන් පසුබිමකදියි මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔක්තෝබර් 26 වැනි දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බවට දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?