ලොව වටා ගමන් කළ වේගවත්ම කාන්තාව අමෙරිකාවෙන්

එක්සත් ජනපදයේ පාපැදි ධාවකයෙක් බයිසිකලයෙන් ලොව වටා ගමන් කළ වේගවත්ම කාන්තාව නමින් නව ලෝක වාර්තාවක් තබා තිබෙනවා.

චිකාගෝ නගරයෙන් ආරම්භ කරන ලද මෙම ධාවනය අවසන් වීමට කිලෝමීටර් 29,169ක් (සැතපුම් 18,125ක්) සඳහා දින 108, පැය 12 සහ මිනිත්තු 12ක් ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දින 124 පැය 11ක ගමනක් ගත වූ ස්කොට්ලන්තයේ ජෙනී ග්‍රැහැම් විසින් තබා තිබූ 2018 වාර්තාව ද ඇය විසින් අභිබවා ගොස් තිබුණා.

ඇලස්කාවේ පදිංචි 38 හැවිදිරි මැය මැයි 28 වන දින මහාද්වීප හතරක රටවල් 21 ක් තරණය කර ඊයේ (11) දින එරට වේලාවෙන් රාත්‍රී 09.00 පමණ චිකාගෝ වෙත ආපසු පැමිණ තිබෙනවා.

ඇයගේ ගමනේදී ඇය දිනකට පැය 14ක් පාපැදි පැද වූ අතර එය ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණා.

අති විඳදරාගැනීමේ පාපැදිකරුවන්ට දිනකට කැලරි 6,000 සිට 10,000 දක්වා ප්‍රමාණයක් දහනය කළ හැකි බවයි ප්‍රවීණයන් ගණන් බලා ඇත්තේ.

නමුත් ඇය පවසන්නේ, ඇයට මෙවන් ක්‍රියාදාමයක් සිදු කිරිමට තම මානසික අධිෂ්ඨානය බෙහෙවින් වැදගත් වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14