විවාහකයෙකු බාල්කයක එල්ලී දිවි තොර කරගනියි

අද (12) දින උදෑසන පයාගල, හාල්කඳව්ල, සිංහගම ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙක් යාබද වත්තක පාළු නිවසක් ඉදිරිපිට බාල්කයක එල්ලී දිවි තොර කරගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන වයස අවුරුදු 38ක් වූ ගුලවිට ගණිතගේ සුමිත් වීරසිංහ නැමැත්තෙක්.

ඔහු මේසන් වැඩ කම්කරුවෙකු ලෙස සිය ජීවිකාව ගත කර ඇති බවයි පයාගල පොලිසිය සඳහන් කරන්නේ.

පාලු නිවසේ ඉදිරිපිට බාල්කයේ එල්ලී මියගොස් තිබිය දී අද (12) උදෑසන සිරුර හමු වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මියගිය තැනැත්තා ඊයේ (11) දින උදෑසන තම සොහොයුරාගේ නිවසේ පැවැත්වෙන් කොට හලු මඟුලට උදව් කිරීමට යන බව බිරිඳට පවසා නිවසින් පිටත්ව තිබෙනවා.

සවස්වන වනතෙක් ඔහු නිවසට නොපැමිණී හෙතුවෙන් නිවැසියන් ඥාතීන් හා ප්‍රදේශවාසීන් එක්ව මොහු පිළිබඳව අවට ප්‍රදේශවලින් ද විමසා තිබුණා

ඒ පිළිබඳව තවදුරටත් සොයා බලා ඥාතියකු යාබද පාලුවත්ත පරික්ෂා කිරීමේ දී ඔහුගේ සිරුර හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල් හෙට්ටිආරච්චි අද (12) සිදුකළ මූලික මරණ පරීක්ෂණයෙන් අනතුරුව පායාගල පොලිසියට හා කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ට උපදෙස් දී සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහල වෙත යොමු කරන ලෙස දන්වා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51