Empty Ad
AFC Banner
Empty Ad

හොරෙන් මෙරටට ගෙනා දුම්වැටි තොගයක් රාජ සන්තක කෙරේ – සැකකරුට ලක්ෂ 02ක දඩයකුත්

නීතිවිරෝධීව මෙරටට සූක්ෂ්ම අයුරින් ගෙනා විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ඒවා රට තුළට රහසිගත ව රැගෙන යාමට උත්සාහ කළ මගියෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (11) අලුයම මෙම සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ අලුයම 05.25ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී.- 822 දරන ගුවන් යානයෙන් බවයි වාර්තා වන්නේ.

සැකකරු ගෙන ආ විදේශීය දුම් වැටි තොගය වෙළෙඳපොළ වටිනාකමින් රුපියල් පනස් එක් ලක්ෂ හැට දහසක් වටින බව ද හෙළි ව තිබෙනවා.

සැකකරු එම දුම්වැටි ගුවන් තොටුපොළ හරිත මාවත ( Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කරමින් සිටියදියි රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි ගුවන් මගින් සිය ව්‍යාපාරික කටයුතු සිදු කරන පුද්ගලයෙක් බව ද හෙළි ව තිබෙනවා.

සැකකරු රැගෙන ආ ගමන් මළු තුළ “ප්ලැටිනම්” සහ “මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි 34,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 172 ක් සඟවා ගෙන සිටියදී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ පද්මිණී කුමාරිහාමි මහත්මිය ඇතුළු රේගු නිලධාරීන් විසින් මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණයක් සිදු කර මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කර, මොහුට රුපියල් ලක්ෂ 02ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොවටිනා සිතුවිලි වලට වටිනාකම් දෙන්න යන්න එපා - ජීවිතේ වරදිනවා
03:40
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - කාව්‍යමය ධර්ම දේශනය
50:06
Video thumbnail
සසර කියන්නේ මොකද්ද? කුසල් කළොත් - ඔබත් රැකෙයි
02:26
Video thumbnail
රිලව් අපේ ආණ්ඩුව හදපු උන් නෙවෙයි - රනිල්ගේ ආණ්ඩුව තමයි හැදුවේ - මහාචාර්ය මන්ත්‍රීගේ සුපිරි කතාව
11:11
Video thumbnail
පව් කළාම ඉපදෙන්නේ නිරයේ - කල්‍යාණ මිතුරු ඇසුරක් ලැබුණොත් අපි වාසනාවන්තයි
03:02
Video thumbnail
මෙදා පොටේ නාමල්ට වැඩේ සෙට් වගේ - නුවර එළියේ පොහොට්ටු පිපෙයි
03:47
Video thumbnail
පෝය දවසේ බස් එකේ ජරමරේ - කොහොමද වලිය - ඉවර වෙනකම් බලන්න
04:20
Video thumbnail
තන්හාවෙන් මේ හිත තෘප්තිමත් කරලා අවසන් කරන්න බෑ
09:43
Video thumbnail
කළුතර නොසැලුණු අලියා රනිල්ට නැතිවෙයි ?
07:30
Video thumbnail
කාගේ හරි කීමකට මිනිස් ජීවතයක් අහිමි කළත් - පවනම් පවමයි...
16:02

?