ෂාෆ්ටර්ගේ බිරිඳ උසාවියෙන් කළ ඉල්ලීමට CID උත්තර බඳියි

ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනයට ලක්වීමට පෙර භාවිතා කළ දුරකථන අංකයට නව සිම්පතක් ලබා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස නියෝගයක් සිදු කරන ලෙස ඔහුගේ බිරිඳ කළ ඉල්ලීම සලකා බැලීම සඳහා දිනේෂ් ෂාෆ්ටර් මහතා භාවිතා කළ ජංගම දුරකථනයට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර වසරක් ගතවුවත් මේ වන තුරු නීතිපතිවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන් කැකුණවෙල මහතාට දන්වා තිබෙනවා.

තම සැමියාගේ ව්‍යාපාර කටයුතු ඉදිරියටත් කරගෙන යාමට අදාළව එම අංකය ඇතුළත් සිම්පත අත්‍යවශ්‍යව ඇති බැවින් එය තමාට ලබාදීමට නියෝගයක් ලබා දෙන ලෙසට ෂාෆ්ටර් මහතාගේ බිරිඳ සිය නීතිඥවරුන් මගින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලිමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් නීතිපතිවරයාගෙන් ඒ සඳහා උපදෙස් සඳහා නඩු ගොනුව යොමු කර තිබුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අධිකරණයට පවසා සිටියේ, දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන මෙහෙය වන බවත් ඔහු ඝාතනයට ලක්වීමට පෙර භාවිතා කළ දුරකථන අංකය දැක්වෙන නව සිම්පතක් ඔහුගේ බිරිඳට ලබාදීම තුළින් එම විමර්ශන කටයුතුවලට බාධාවක් සිදුවිය හැකි බවයි.

බොරැල්ල පොදු සුසාන භූමිය අසල දී සිදු වූ අබිරහස් සිද්ධියක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ෂාෆ්ටර් මහතා ඉකුත් වසරේ දෙසැම්බර් මස 16 දින මියගියා.

මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් එම පවුලේ ඥාතීන් බොරැල්ල පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම මරණය පිළිබඳව සොයා බැලීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවක් ද පත් කර තිබෙනවා.

ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බවට සැක කළ හැකි බව එම විද්වත් වෛද්‍ය කමිටුව පසුගියදා අධිකරණයට සිය වාර්තාව මගින් දැන්වීම හේතුවෙන් මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

අධිකරණයේ නියෝග අනුව නැවත ගොඩගෙන කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබූ ෂාෆ්ටර් මහතාගේ දේහය ඉකුත් නොවැම්බර් මස 4 දින ජාවත්ත පොදු සුසාන භූමියේ දී යළිත් මිහිදන් කෙරුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා නැවත වරක් රජයේ රස පරික්ෂකවරයාට සහ නීතිපතිවරයාට සිහිකැඳවිම් ලිපි යවන ලෙස නියෝග කිරීමටයි කටයුතු කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23