ෂාෆ්ටර්ගේ බිරිඳ උසාවියෙන් කළ ඉල්ලීමට CID උත්තර බඳියි

ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනයට ලක්වීමට පෙර භාවිතා කළ දුරකථන අංකයට නව සිම්පතක් ලබා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස නියෝගයක් සිදු කරන ලෙස ඔහුගේ බිරිඳ කළ ඉල්ලීම සලකා බැලීම සඳහා දිනේෂ් ෂාෆ්ටර් මහතා භාවිතා කළ ජංගම දුරකථනයට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර වසරක් ගතවුවත් මේ වන තුරු නීතිපතිවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන් කැකුණවෙල මහතාට දන්වා තිබෙනවා.

තම සැමියාගේ ව්‍යාපාර කටයුතු ඉදිරියටත් කරගෙන යාමට අදාළව එම අංකය ඇතුළත් සිම්පත අත්‍යවශ්‍යව ඇති බැවින් එය තමාට ලබාදීමට නියෝගයක් ලබා දෙන ලෙසට ෂාෆ්ටර් මහතාගේ බිරිඳ සිය නීතිඥවරුන් මගින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලිමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් නීතිපතිවරයාගෙන් ඒ සඳහා උපදෙස් සඳහා නඩු ගොනුව යොමු කර තිබුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අධිකරණයට පවසා සිටියේ, දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන මෙහෙය වන බවත් ඔහු ඝාතනයට ලක්වීමට පෙර භාවිතා කළ දුරකථන අංකය දැක්වෙන නව සිම්පතක් ඔහුගේ බිරිඳට ලබාදීම තුළින් එම විමර්ශන කටයුතුවලට බාධාවක් සිදුවිය හැකි බවයි.

බොරැල්ල පොදු සුසාන භූමිය අසල දී සිදු වූ අබිරහස් සිද්ධියක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ෂාෆ්ටර් මහතා ඉකුත් වසරේ දෙසැම්බර් මස 16 දින මියගියා.

මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් එම පවුලේ ඥාතීන් බොරැල්ල පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම මරණය පිළිබඳව සොයා බැලීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවක් ද පත් කර තිබෙනවා.

ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බවට සැක කළ හැකි බව එම විද්වත් වෛද්‍ය කමිටුව පසුගියදා අධිකරණයට සිය වාර්තාව මගින් දැන්වීම හේතුවෙන් මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

අධිකරණයේ නියෝග අනුව නැවත ගොඩගෙන කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබූ ෂාෆ්ටර් මහතාගේ දේහය ඉකුත් නොවැම්බර් මස 4 දින ජාවත්ත පොදු සුසාන භූමියේ දී යළිත් මිහිදන් කෙරුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා නැවත වරක් රජයේ රස පරික්ෂකවරයාට සහ නීතිපතිවරයාට සිහිකැඳවිම් ලිපි යවන ලෙස නියෝග කිරීමටයි කටයුතු කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?