ආබාධය සුව වී බෙන් ස්ටොක්ස් යළිත් සංචිතයට

එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය පුරාවටම නායක බෙන් ස්ටොක්ස් තරගාවලියෙන් ඉවත් කර තැබුණේ ඔහුට ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා බෙන් ස්ටොක්ස් ක්‍රීඩා කිරීමට නියමිත බවයි.

ඒ අනුව එංගලන්ත ක්‍රිකට් තේරීම් පාලන මණ්ඩලය විසින් ස්ටොක්ස්ගේ නැවත පැමිණීම සටහන් කරමින් ඔහුව 17 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඔක්තෝම්බර් මාසයේදී පාකිස්තානයට එරෙහිව මෙම ටෙස්ට් තරගාවලිය ඇරඹෙන්නේ 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවයට සමගාමීවයි.

මේ අතර ජූලි මාසයේ දී ඇඟිල්ලක් ආබාධයකට ලක් වීමෙන් තාවකාලිකව ක්‍රීඩාවෙන් ඉවත් ව සිටි ආරම්භක පිතිකරු Zak Crawley ද මෙවර සංචිතයට එක් කර තිබෙනවා.

පාකිස්තානයට එරෙහි එංගලන්ත ටෙස්ට් සංචාරය සඳහා කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ; Ben Stokes ගේ නායකත්වයෙන් යුත් රෙහාන් අහ්මඩ්, ගුස් ඇට්කින්සන්, ශොයිබ් බෂීර්, හැරී බෘක්, බ්‍රයිඩන් කාර්ස්, ජෝර්දාන් කොස්, සැක් ක්‍රෝලි, බෙන් ඩකට්, ජෝෂ් හල්, ජැක් ලීච්, ඔලී පොප්, මැතිව් පොට්ස්, ජෝයි රූට්, ජෙමී ස්මිත්, ඔලී ස්ටෝන් සහ ක්‍රිස් වෝක්ස් යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07