රුපියල් ට්‍රිලියනේ රේගු ජයග්‍රහණයට ඇත්ත ම හේතුව නිර්දේශපාලනික වීමයි (ඡායාරූප)

අනවශ්‍ය දේශපාලන මැදිහත් වීම්වලින් තොරවීම රේගුවේ රුපියල් ට්‍රිලියනයේ ආදායම් ජයග්‍රහණයට හේතුවක් බව ශ්‍රී ලංකා රේගු අධිකාරියේ රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් පවසනවා.

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියනයක ආදායමක් වාර්තා කිරීම සඳහා එම නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරගෙන යාමට දේශපාලන අධිකාරිය විසින් අවශ්‍ය පසුබිම නිර්මාණය කර තිබීම මෙම ජයග්‍රහණයට බලපෑ ප්‍රධාන හේතුවක් බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

ඒ මහතා පෙන්වා දෙන්නේ බඳවා ගැනීම් සම්බන්ධයෙන් හෝ වරදකරුවන්ට දඩ අවම කිරීම හෝ මුදා හැරීම සම්බන්ධයෙන් කිසිදු දේශපාලන මැදිහත්වීමක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් හෝ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටියගෙන් එල්ල වී නොමැති බවයි.

රුපියල් ට්‍රිලියනක වාර්තාගත ආදායමක් ලබා ගැනීම වෙනුවෙන් අද (10) පෙරවරුවේ ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

අවශ්‍ය අවස්ථාවල දී ගැටලු විසඳා ගැනීමට මැදිහත් වීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හැකි උපරිම ආකාරයෙන් කටයුතු කරමින් වඩාත් සුහදව කටයුතු කළ බව ද හෙතෙම පෙන්වා දුන්නා.

වසරේ රේගුවේ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 1537 වෙත ළගා වීමට රේගුව හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළ නෝනිස් මහතා මේ සියලු කටයුතු වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ නිලධාරීන්ට, වෘත්තීය සමිති නියෝජිතයන්ට සේම ජනතාවට තමන් අතිශයින් කෘතඥ වන බවයි පැවසුවේ.

WhatsApp Image 2024 09 10 at 17.38.18
WhatsApp Image 2024 09 10 at 17.38.16
WhatsApp Image 2024 09 10 at 17.38.14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
8
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?