රාජ්‍ය සේවක වැටුප් ස්ථීරවම වැඩි කිරීම ගැන සැකයක් එපා – රංජිත් සියඹලාපිටිය

කැබිනට් මණ්ඩලය මගින් දෙවතාවක් අනුමැතිය ලබා දී ඇති 2025 රාජ්‍ය සේවක වැටුප් වර්ධක ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාව සහ 24%ක අවම මූලික වැටුප් වැඩිවීමට නෛතික අනුමැතිය හිමි ව ඇති බවයි.

වසර ගණනාවක් පැවති වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසම පත් කළේ 2024 මැයි මස 27 වැනි දින පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 2024/20 යෝජනාව අනුව වන අතර ඉන් පසුව එම කමිටුවේ අතුරු වාර්තාවට 2024 අගෝස්තු මස 12 වැනිදා යළිත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා පවසනවා.

එහි නිර්දේශ අනුව රුපියල් 25,000 දක්වා ජීවන වියදම් දීමනාව ඉහළ නැංවීම, අවමය 24%ක් වන පරිදි මූලික වැටුප වැඩි කිරීම, වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම, සක්‍රීය රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන්ට හිමිවන ජීවන වියදම් දීමනාවෙන් අඩකට සමාන ජීවන් වියදම් දීමනාවක් විශ්‍රාමිකයන්ටත් ගෙවීම ආදී කරුණු නිර්දේශ කර ඇති බවයි ආමාත්‍යවරයා පවසන්නේ.

2024 සැප්තැම්බර් මස 04 වැනිදා එම කොමිසමේ පූර්ණ වාර්තාවට ද කැබිනට් අනුමැතිය හිමි වූ අතර කරුණු 8කට ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කර ගැනීම සිදු වී තිබෙනවා.

මෙම සෑම අවස්ථාවක් සඳහා ම අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වූ බවත්; මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ද කිසිඳු ගැටලුවක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඒ අනුව මෙම වැටුප් වැඩි කිරීම අනිවාර්යයෙන් ම සිදු වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39