තැපැල් ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 98%ක් – නිල ඡන්ද පත්‍රිකා මිලියන 10ක් බෙදා හැර අවසන්

තැපැල් ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය මෙවර 98%ක් පමණ වන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ; මේ වනවිට ලියාපදිංචි රක්ෂිත පැකට්ටු ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක් තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබෙමින් පවතින බවයි.

එමෙන්ම එම රක්ෂිත පැකට්ටුවලින් 85%ක ප්‍රමාණයක් ඒ ඒ ප්‍රදේශවල තේරීම් භාර නිලධාරීන් වෙත ප්‍රාදේශීය තැපැල් ස්ථානාධිපතිවරුන් හරහා ලබාදීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

නිල ඡන්ද පත්‍රිකා සැප්තැම්බර් මස 03 වැනිදා සිට බෙදා හැරීම ආරම්භ කළ අතර; මේ වනවිට ලක්ෂ 35කට වැඩි ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇති බව ද සඳහන්.

එය ප්‍රතිශතාත්මකව සියයට 60ක අගයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

මිලියන 10ක වගේ නිල ඡන්ද පත්‍රිකා ප්‍රමාණයක් ගෙයින් ගෙට ගොස් බෙදා අවසන් කර ඇති අතර ; එය සැප්තැම්බර් මස 14 වැනිදා තෙක් ප්‍රාදේශීය තැපැල් කාර්‍යාල හරහා සිදු කෙරෙන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ.

නිල ඡන්ද පත්‍රිකාවක් හිමි නොවීම ඡන්දය භාවිත කිරීමට නුසුදුසුකම් ලෙස නොසැලකෙන බවත්; එය හුදෙක් ව්‍යවස්ථාපිත ලියවිල්ලක් පමණක් බවත්; තම ඡන්ද පත්‍රිකාව නොලැබුණහොත් ප්‍රාදේශීය තැපැල් වසමේ කාර්‍යාලයට ගොස් තැපැල් ස්ථානාධිපති හමු වී එය ලබා ගන්නා ලෙසට ද තැපැල් දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?