පැතුම් නමින් ටෙස්ට් පිටියේ තවත් වාර්තාවක් – හොඳම පිතිකරණයෙන් සිව්වැනි තැනට (නිවේදනය)

ජාත්‍යන්තර ටෙස්ට් තරග පිටියක සිව්වැනි ඉනිමේ දී පිතිකරණය තුළ ලකුණු හඹා යෑමේ වේගවත් ම සහ හොඳම පිතිකරණයක සාමාන්‍ය අගය රඳා ගැනීමේ දී (Centuries With Highest Strike-Rate) පැතුම් නිස්සංක සිව්වැනි ස්ථානයට පත් ව තිබෙනවා.

ඒ නවසීලන්තයේ හිටපු පිතිකරුවෙකු වන ජස්ටින් ලැන්ගර් ද අබිබවා යමින්.

පැතුම්ගේ ශතකය ලබා ගැනීමේ සාමාන්‍ය අගය දැක්වෙන්නේ 102.41 ක් ලෙසටයි.

ඊයේ (09) දිනයේ දී ‘ද ඕවල්’ ක්‍රීඩාංගණයේ දී එංගලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ටෙස්ට් තරග ජයක් වාර්තා කළ අතර; එහිදී දෙවැනි ඉනිම වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නිරත වෙමින් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඒ පන්දු 123ක් පමණක් වැය කරමින්.

ඊට දැවැන්ත හතරේ පහර 13ක් සහ හයේ පහර දෙකක් ද ඇතුළත් වුණා.

මෙම ටෙස්ට් ශතකය පැතුම් සිය ටෙස්ට් දිවියේ ලැබූ ඉහළතම ලකුණු ප්‍රමාණය වන අතර (127*) මීට පෙර ඔහු ලබා සිටියේ ලකුණු 103ක්.

එමෙන්ම ඊයේ වාර්තා කළ ටෙස්ට් ශතකය පැතුම්ගේ දෙවැනි ටෙස්ට් ශතකයයි.

පන්දු 123ක් තුළ නොදැවී ලැබූ ලකුණු 127 ඔහුගේ ප්‍රහාරාත්මක පිතිකරණයට කදිම නිදර්ශනයක්.

මෙම ලැයිස්තුවේ පළමු තැන එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටෝ වෙත හිමි ව ඇත්තේ 2022 නෝටන්හැම් හි දී නවසීලන්තයට එරෙහිව ලැබූ ලකුණු 136 නිසාවෙන්.

එහිදී බෙයාර්ස්ටෝගේ පිතිකරණයේ සාමාන්‍යය දැක්වෙන්නේ 147.82ක් ලෙසින්.

දෙවැනි තැන ඔස්ට්‍රෙලියාවේ හිටපු ක්‍රීඩක මැතිව් හේඩ්න් හට හිමි ව තිබෙනවා.

ඒ පිතිකරණයේ සාමාන්‍ය 118.82ක් ලෙස සටහන් වෙමින්.

Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?