පැතුම් නමින් ටෙස්ට් පිටියේ තවත් වාර්තාවක් – හොඳම පිතිකරණයෙන් සිව්වැනි තැනට (නිවේදනය)

ජාත්‍යන්තර ටෙස්ට් තරග පිටියක සිව්වැනි ඉනිමේ දී පිතිකරණය තුළ ලකුණු හඹා යෑමේ වේගවත් ම සහ හොඳම පිතිකරණයක සාමාන්‍ය අගය රඳා ගැනීමේ දී (Centuries With Highest Strike-Rate) පැතුම් නිස්සංක සිව්වැනි ස්ථානයට පත් ව තිබෙනවා.

ඒ නවසීලන්තයේ හිටපු පිතිකරුවෙකු වන ජස්ටින් ලැන්ගර් ද අබිබවා යමින්.

පැතුම්ගේ ශතකය ලබා ගැනීමේ සාමාන්‍ය අගය දැක්වෙන්නේ 102.41 ක් ලෙසටයි.

ඊයේ (09) දිනයේ දී ‘ද ඕවල්’ ක්‍රීඩාංගණයේ දී එංගලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ටෙස්ට් තරග ජයක් වාර්තා කළ අතර; එහිදී දෙවැනි ඉනිම වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නිරත වෙමින් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඒ පන්දු 123ක් පමණක් වැය කරමින්.

ඊට දැවැන්ත හතරේ පහර 13ක් සහ හයේ පහර දෙකක් ද ඇතුළත් වුණා.

මෙම ටෙස්ට් ශතකය පැතුම් සිය ටෙස්ට් දිවියේ ලැබූ ඉහළතම ලකුණු ප්‍රමාණය වන අතර (127*) මීට පෙර ඔහු ලබා සිටියේ ලකුණු 103ක්.

එමෙන්ම ඊයේ වාර්තා කළ ටෙස්ට් ශතකය පැතුම්ගේ දෙවැනි ටෙස්ට් ශතකයයි.

පන්දු 123ක් තුළ නොදැවී ලැබූ ලකුණු 127 ඔහුගේ ප්‍රහාරාත්මක පිතිකරණයට කදිම නිදර්ශනයක්.

මෙම ලැයිස්තුවේ පළමු තැන එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටෝ වෙත හිමි ව ඇත්තේ 2022 නෝටන්හැම් හි දී නවසීලන්තයට එරෙහිව ලැබූ ලකුණු 136 නිසාවෙන්.

එහිදී බෙයාර්ස්ටෝගේ පිතිකරණයේ සාමාන්‍යය දැක්වෙන්නේ 147.82ක් ලෙසින්.

දෙවැනි තැන ඔස්ට්‍රෙලියාවේ හිටපු ක්‍රීඩක මැතිව් හේඩ්න් හට හිමි ව තිබෙනවා.

ඒ පිතිකරණයේ සාමාන්‍ය 118.82ක් ලෙස සටහන් වෙමින්.

Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15