AFC Banner
Empty Ad
Empty Ad

අධිවේගී මාර්ගයේ දී කැබ් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක් වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී කැබ් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක් ව තිබෙනවා.

අද (10) පෙරවරුවේ මෙම ගිනි ගැනීම සිදුව ඇත්තේ කොට්ටාව පිවිසුම අසල දී බවයි වාර්තා වන්නේ.

කැබ් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් ගිනි ගැනීමට හේතුව වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

මෙම ගිනි ගැනීම හේතුවෙන් මාතර දෙසට ගමන් කිරීම සඳහා කොට්ටාව හුවමාරුවෙන් වාහන ඇතුල් කරගැනීම තාවකාලිකව වසා දමා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ.

ගිනි ගැනීමෙන් රථයට දැඩි අලාභ හානි සිදු ව ඇති අතර එය මුළුමනින් ම දැවී ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?