පශ්චාත් මරණ පරීක්ෂණය කර නිවසට ගෙනා මිනියේ රැවුල වැවිලා

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර නිවසට රැගෙන එන ලද පුද්ගලයකුගේ මෘත දේහයේ උඩුරැවුල වැවී තිබීම නිසා මෘතදේහය නැවත මොනරාගල මහ රෝහලට ගෙන ගොස් ඇත.

ඇතිලිවැව-වෙහෙරයාය පදිංචි ජේ.ඒ.එල්. ඥානතිලක (55) නමැති දෙදරු පියකු පසුගිය 09 වැනිදා සවස ළිඳකට වැටී මිය ගොස් තිබුණි.

පොලිසිය ඔහුගේ මෘතදේහය වැල්ලවාය මූලික රෝහලට ගෙනැවිත් තිබිනු අතර පසුදින මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට යවා තිබිණි.

12 වැනිදා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෘතදේහය එදින සවස ඥාතීන්ට භාර දී ඇත. ඥාතීන් විසින් මෘතදේහය මල්ශාලාවකට භාර දී ඇත. මල්ශාලා සේවකයින් එදිනම මෘතදේහය එම්බාම්කොට සකස් කර නිවසට ගෙනැවිත් භාර දී තිබේ.

13 වැනිදා මිය ගිය අයගේ දියණිය මෘත දේහයේ උඩුරැවුල තිබෙන බව දැක තමාගේ පියා කිසිදිනෙක උඩුරැවුලක් වවා නොමැති බවත් මෘත දේහය තම පියාගේ නොවන බවත් පවසා ඇත.

පසුව මේ ගැන කුඩාඔය පොලිසියට දැනුම් දී මෘතදේහය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට රැගෙනවිත් ඇත.

ඔක්කම්පිටිය මාලිගාවිල ප්‍රදේශයේ දී ඉකුත් 11 වැනිදා වන අලියකු පහරදීමෙන් මියගිය, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගෙනැවිත් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ අධිකාරි මුදියන්සේලාගේ අනුර ගුණරත්න නමැති අයකුගේ මෘත දේහය මෙලෙස මාරු වී ඇති බව හෙළි වී තිබේ.

පසුව එහි තිබූ ඥානතිලක මහතාගේ මෘතදේහය ආපසු රැගෙන ගොස් එදිනම සවස මිහිදන් කිරීමට ඥාතීන් පියවර ගෙන ඇත.

මේ පිළිබඳව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ආර්.එම්.ඩී. රත්නායකගෙන් කළ විමසුමකදී කියා සිටියේ ‘‘මෘතදේහයක් ඥාතීන්ට භාරදීම සුළු සේවක පාලකවරයාගේ වගකීමක්. ඒ වගේම ඥාතීන්ද මෘතදේහය හඳුනාගෙන එය භාරගත යුතුයි. පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත් වූ මෘත දේහයකට වෙනත් මෘතදේහයක් මාරු වීම කිසිසේත් සිදුවන්න බැහැ. මෘත ශරීරාගාරයේ සේවකයන්ගේ නොසැලකිල්ල මතයි මෙය සිදු වී තිබෙන්නේ. මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනවා.‘‘ යනුවෙනි.

කෙසේ වෙතත් මියගිය අයෙකුගේ ඥාතියකු වන එච්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසුවේ මෙවැනි දෙයක්
‘‘ඉකුත් 13 වැනිදා අපි මොනරාගල මහ රෝහලට ගියා. කිසිම ඥාතියකුට මෘත දේහය පෙන්නුවේ නැහැ. බලන්න දෙන්න බැහැ කිව්වා. සවස පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වලා මෘතදේහය අපිට භාර දුන් බවට අත්සන් ගත්තා.‘‘
යනුවෙනි.

කැලුම් ගුණතිලක – මොනරාගල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09