බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් අග්බෝගේ ජීවිතය යළිත් අනතුරේ

කලක් රෝගාතුරව සිට සුවය ලබමින් සිටි අග්බෝ ඇතා යළි රෝගාතුරවීමෙන් ජීවිත අවධානමකට ලක්ව ඇතැයි තිරප්පනේ ගොවීන් පවසනවා.

මේ වනවිට අග්බෝගේ ඉදිරි වම් පාදය අධික ලෙස ඉදිමීමකට ලක්ව ඇවිද යාමේ දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අග්බෝ ඇතා මුල්වරට අසනීප වී ඇති බව අනාවරණය කර ගන්නා ලද්දේ තිරප්පනේ උලගල්ල ප්‍රදේශයේ දී ඉකුත් වර්ෂයේ ජූලි මස 07 වනදා.

එදින පටන් වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් හා නිලධාරීන් විසින් අවස්ථා 102ක දී විවිධ ස්ථාන හා ප්‍රදේශවල දී අග්බෝ ඇතාට වෛද්‍ය ප්‍රතිකාර සිදුකෙරුණා.

වෛද්‍ය ප්‍රතිකාර හමුවේ විටින්විට සුවය ලැබුවත් පාදයේ තුවාල මෙතෙක් නිට්ටාවට ම සුව වී නැහැ.

එම නිසා මේ දිනවල දිවා කාලවල දී ද අග්බෝ ඇතා ගම්වැදීමට යළි ආරම්භ කර ඇති බව අප වාර්තාකරු සඳහන් කරනවා.

තිරප්පනේ උලගල්ල, කණුමුල්ලේගම, වන්නම්මඩුව, ඇතුන්ගම, පිත්තලකොන්ඩෑරුම හා අලිස්ථාන යන ගම්මානවල අග්බෝ ඇතු මේ දිනවල වාසභූමිය කරගනිමින් ජනතාව සමීපයට ඒම ආරම්භ කර තිබෙනවා.

පාදයේ ඉදිමීම උත්සන්නවීම නිසා ඇතාගේ ජීවිතයට දැන් තර්ජනයක් එල්ල වී ඇති බවයි ජනතාව පවසන්නේ.

එසේම ගම්මානවලට පැමිණෙන අග්බෝ පන්නා දැමීම සඳහා අලි වෙඩි දැමීමෙන් දැඩි හිංසනයක් ඇතාට එල්ල වී තිබෙනවා.

අලි වෙඩි ඇතාගේ ශරීරයේ වැදුනත් එම සත්වයා නිසොල්මන්ව සිටීමෙන් ශ්‍රවණ ආබාධයකට ලක්ව ඇති බව ද එමෙන්ම වම් ඇසක පෙනීමේ දුර්වලතාවයක් පවතින බවද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53
Video thumbnail
කාදිනල් හිමි, කන්ජිපානි විරුද්ධ වුණා නම් මේක කරන්නේ නෑ ?ආණ්ඩුවේ උද්දච්ච බව මේ පේන්නේ
10:05
Video thumbnail
ජනතාවනේ 159ක් පත්කළේ - ජනතාව අන්තිම තීන්දුව ගන්න..ආණ්ඩුවයි - විපක්ෂයයි කතා දෙකක් කියන්නේ
01:33
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43