විදේශීය නෞකාවක් ත්‍රී’මලේ වරායේ රඳවා ගනියි

ගාලු මුහුදේ දී ධීවර යාත්‍රාවක් සහ විදෙස් යාත්‍රාවක් එකිනෙක ගැටීමෙන් ධීවරයින් තිදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළ ව එම යාත්‍රාව නාවික නීතිය යටතේ අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමලය වරායේ රඳවා ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුම් දී තිබෙනවා.

ත්‍රිකුණාමල වරායේ නියෝජ්‍ය මාස්ටර්, කපිතාන් ශ්‍රියන්ත සර්මන් පැවසුවේ, ලිබියාවේ සිට බංග්ලාදේශය බලා පොහොර පටවාගත් “කමාන්ඩර්-කේ” නෞකාව ඉන්ධන පිරවීම සඳහා ත්‍රිකුණාමලය වරායට පැමිණි අවස්ථාවේ දී ගාලු වරායෙන් ලබා දුන් තොරතුරු මත මෙම රැඳවුම් භාරයට ගත් බවයි.

ගාල්ල වරාය පොලිසියේ හා ත්‍රිකුණාමලය වරාය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්.ඒ. රණවීර ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම නෞකාව රඳවාගෙන සිටින අතර නෞකාව වෙත ගොස් එහි කපිතාන්වරයාගෙන් සිදුවීම පිළිබඳ ව ප්‍රකාශයක් ද ලබාගැනුණා.

කපිතාන්වරයා කියා සිටියේ තම යාත්‍රාව ඉන්ධන ලබා ගැනීම සඳහා ත්‍රිකුණාමලය වරායට පැමිණෙන තෙක් ධීවර යාත්‍රාවේ ගැටුණු බව තමන් නොදැන සිටි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51