Empty Ad
Empty Ad
 Empty Ad

මොයින් අලී ජාත්‍යන්තර ක්‍රිකට්වලින් සමුගනී

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාවට එරෙහිව ගයනාවේ පැවති අවසන් පූර්ව වටයේ තරගයේ දී මොයින් අලී අවසන් වරට එංගලන්තය නියෝජනය කළා.

“මට වයස අවුරුදු 37 යි, මේ මාසයේ ඕස්ට්‍රේලියානු තරඟාවලිය සඳහා මාව තෝරාගෙන නැහැ,” මොයින් අලී Daily Mail වෙත සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වමින් පවසා තිබෙනවා.

“මම එංගලන්තය වෙනුවෙන් ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. ඊළඟ පරම්පරාවට කාලය ඇවිත්. ඒක මට පැහැදිලියි. වෙලාව හරි කියලා දැනුණා. මම මගේ කොටස කළා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මොයින් අලී 2014 වසරේ එංගලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට පිවිසියා.

ඔහුගේ 10 වසරක වෘත්තීය ජීවිතය තුළ රට වෙනුවෙන් එක්දින තරඟ 138ක්, විස්සයි විස්ස තරග 92ක් සහ ටෙස්ට් තරග 68ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු ශතක 08ක් සහ අර්ධ ශතක 28ක් ඇතුළුව ලකුණු 6678ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ රැස්කර ඇති අතර, එංගලන්තය වෙනුවෙන් ආකෘති තුන පුරා බිඳ දමා තිබෙන කඩුලු සංඛ්‍යාව 366ක්.

මේ අතර මොයින් අලී වැඩිදුරටත් පවසා ඇත්තේ තමා දිගටම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරන බවයි.

පසුව පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තුවක් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
LIVE🔴10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භය සජීවී විකාශය
46:36
Video thumbnail
Jetstar ශ්‍රී ලංකා ගුවන් ගැබ අක්‍රමණය කරයි - අඩුම මුදලකින් වැඩිම වින්දනයක්
01:09
Video thumbnail
දෙමළ පක්ෂත් ශ්‍රමදානයට අහුවෙලා - ආණ්ඩුවටත් යම් කාලයක් දෙන්න ඕනි
04:15
Video thumbnail
සැරයටියෙන් පාර්ලිමේන්තු ආපු මාලිමාවේ නවක මන්තී කළ දුක හිතෙන කතාව
02:14
Video thumbnail
රස්තියාදුකාර දේශපාලනය ඉවත් වෙයි - පාර්ලිමේන්තුව සංවර පාර්ලිමේන්තුවක් වෙයි
02:17
Video thumbnail
අපිට අත්දැකීම් තියෙනවා - නලීන් බණ්ඩාරගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
01:46
Video thumbnail
ජනාධිපති අනුර කුමාර තවමත් ඉන්නේ රනිල්ගේ වැල් පාලමේම තමයි
02:49
Video thumbnail
මේ බොරුවට ඉඩ තියන්න එපා - අවුරුදු 26ක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය අපි
05:08
Video thumbnail
හම්බන්තොට නගර සභාවට ඉල්ලන්න තීන්දු කළොත් කියන්නම් - නාමල් කොරවෙයි
02:13
Video thumbnail
මේ රට ගොඩනැගීමේ අපේක්ෂාව සර්වප්‍රකාරයෙන් අපි සාර්ථක කරනවා - ඒක ස්ථීරයි - ලාල් සහෝදරයා ඒ වචනෙම ඇති
02:23

?