ජංගම දුරකථනයකින් ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකළ පාසල් ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 06 වනදා පැවති තැපැල් ඡන්ද විමසීමේ දී මෙම ගුරුවරයා මෙලෙස ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේ පාසලක සේවය කරන මෙම ගුරුවරයා ඡන්ද පත්‍රිකාව ව ඡායාරූප ගතකරණ ආකාරය මැතිවරණ රාජකාරී කළ නිලධාරීන් විසින් දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබෙනවා.
එම නිලධාරීන් සිදුකළ දැනුම්දීමට අනුව සැකකාර ගුරුවරයා ඊයේ (07) දිනයේ දී මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු අදාළ ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.














Igan gathta wadak na kiyande ahne nathnam