AFC Banner
Empty Ad
Empty Ad

ජීප් රථයක්, ත්‍රීරෝද රථයක ගැටෙයි – කුඩා ළමුන් දෙදෙනෙකුට තුවාල

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ හිඟුල ප්‍රදේශයේ දී අද (07) පෙරවරු 11.30 ට පමණ මාවනැල්ල ප්‍රදේශයේ සිට නුවර දෙසට ගිය සුඛෝපභෝගි ජීප් රථයක වේගය පාලනය කිරිමට නොහැකිව අසළ නවතා තිබූ ත්‍රී රෝද රථයක ද ගැටී පාරෙන් ඉවතට පැන අනතුරකට ලක් වී තිබුණා.

මෙම ජීප් රථයේ තරුණයන් පිරිසක් ගමන් කළ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ත්‍රීරෝද රථයේ සිටි වයස අවුරුද්දක පමණ කුඩා දරුවෙක් සහ තවත් දරුවෙක් ද තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

ජීප් රථයේ රියදුරු ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රීරෝද රථයෙන් පැමිණි පිරිස මහනුවර, තලාතුඔය සිට අලුත් නුවර දේවාලයට ගොස් කුඩා දරුවා වෙනුවෙන් භාරයක් ඔප්පු කර නැවත පැමිණෙන අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

මෙම අවස්ථාවේ දරුවන් දෙදෙනා පමණක් ත්‍රීරෝද රථයේ සිටි අතර වැඩිහිටියන් දෙපළ අසළ තිබූ කඩයකට ගොස් සිටි බවයි අප වාර්තාකරු පවසන්නේ.

මෙම අනතුර සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසියේ රථවාහන අංශය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?