AFC Banner
Empty Ad
Empty Ad

ඇල්පිටියේ පුංචි ඡන්දයට පොහොට්ටුව ඇප තියයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (06) දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් මෙම ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරනු ලැබුවා.

ඒ, අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ පළමු දේශපාලන පක්ෂය හා කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

මෙම ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම සැප්තැම්බර් 11 දින මධ්‍යහන 12.00 දක්වා සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව 2024.08.26 වනදා සිට 2024.09.13 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?