මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ශාන්ත අන්තෝනි දෙමළ විදුහල ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් මිලි ග්‍රෑම් 550 ක්, තම සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 35ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔහු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වනාතේ දිනුකගෙ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.