ජෝර්ජියාවේ පාසලක වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුගේ පියා අත්අඩංගුවට

අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ සිය උසස් පාසලේ දී පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වූ වයස අවුරුදු 14 හැවිරිදි පිරිමි ළමයෙකුගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 54ක් වූ කොලින් ග්‍රේට නැමැත්තෙක්.

ඔහුට මනුෂ්‍ය ඝාතන චෝදනා හතරක්, දෙවන මට්ටමේ මිනීමැරුම් දෙකක් සහ ළමයින්ට කෲරකම් කිරීම යනුවෙන් චෝදනා අටක් එල්ල වී ඇති බව ජෝර්ජියා විමර්ශන කාර්යාංශය පවසනවා.

ඔහුගේ පුත් කෝල්ට් ග්‍රේට හට මිනීමැරුම් චෝදනා හතරක් එල්ල කර ඇති අතර වැඩිහිටියෙකු ලෙස ඔහුට නඩු පැවරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කෝල්ට් ග්‍රේට විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසුන් දෙදෙනෙකු මිය ගිය අතර තවත් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ අනුව අද (06) උදෑසන ඔහු අධිකරණයට පෙනී සිටීමට නියමිතයි.

එහිදී තමන් දැනුවත්ව සිය පුතාට ආයුධයක් සන්තකයේ තබා ගැනීමට අවසර ලබා දීම හේතුවෙන් පියාට චෝදානා එල්ල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03