මාන්කුලම් ප්‍රදේශයේ බිම්බෝම්බ අනතුරකින් කම්කරුවන් හතර දෙනෙකුට තුවාල

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් – තුනුකායි ප්‍රදේශයේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරතව සිටි කම්කරුවන් සිව් දෙනෙකු බිම්බෝම්බ අනතුරකින් බරපතළ තුවාල ලබා තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ හතර දෙනාගෙන් තිදෙනෙකු මාන්කුලම් ආදාර් රෝහල වෙත රැගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා තිබුණා.