AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රී දයාසිරි ජයසේකර කළ ප්‍රකාශයකට වාරණ නියෝගයක්

පසුගිය අගෝස්තු 17 වැනිදා අකුරැස්ස ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ වේදිකාවක පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මත්පැන් බලපත්‍ර තුනක් ලබා ගෙන ඒවා වෙනත් පාර්ශ්වයකට විකුණා රුපියල් කෝටි 15ක් උපයා ඇති බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කළ ප්‍රකාශය මින් ඉදිරියට කිසිදු සාමාජ මාධ්‍යයක හෝ විද්‍යුත් මාධ්‍යයක ප්‍රචාරය කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම වාරණ නියෝගය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වෙත ද නිකුත් කළ අතර මේ සම්බන්ධ නඩු විභාගය අවසන් වන තුරු එකී ප්‍රකාශය කිසිදු මාධ්‍යයක පළ කිරීම තහනම් කරමින් එම නියෝගය අද (05) නිකුත් කළා.

එමෙන්ම දයාසිරි ජයසේකර වෙත අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කිරීමට නියෝග කළ ප්‍රධාන දිසා විනිසුරුවරයා මෙම පැමිණිල්ල ලබන 19 වැනිදා කැඳවීමටයි නියෝග කළේ.

විත්තිකාර දයාසිරි ජයසේකර මහතා කළ එම අසත්‍ය ප්‍රකාශය නිසා මධ්‍යම පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මෙන්ම ජනප්‍රිය අමතර පන්ති ගුරුවරයෙකු ලෙස ජනාදරයට පත්ව ඇති තමාගේ කීර්ති නාමයට දැඩි හානියක් සිදු වූ බැවින් ඒ සඳහා රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ද ඒ පැමිණිල්ල මගින් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

නීතිඥ එස්.අනුශ්‍රියා මහත්මිය මගින් ගොනු කළ එම පැමිණිල්ලේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ටී. සිවනන්ද රාජා මහතා සමග ජ්‍යේෂ්ඨ නීතිඥ එන්.ආර් සිවෙන්ද්‍රන් මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?