ICC ටෙස්ට් පිටියෙහි හොඳ පන්දු යවන්නන් 10 දෙනා අතරට අසිතත් – ශ්‍රී ලංකාවට සයවැනි තැන (ඡායාරූප)

ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි හොඳම පන්දු යවන්නන් 10 දෙනා අතරට පැමිණෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් මඳ වේග පන්දු යවන්නෙකු වන අසිත ප්‍රනාන්දු සමත් ව සිටිනවා.

නවතගම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ඊයේ (05) දිනයේ දී යාවත්කාලීන කර ඇති අතර ඒ අනුව අසිතට මෙම ලැයිස්තුවේ 08 වැනි ස්ථානය හිමි ව තිබෙනවා.

ප්‍රසාද ලකුණු 734ක් ලබා ගනිමිනුයි අසිත හට මෙම ස්ථානය හිමි ව ඇත්තේ.

අසිත ප්‍රනාන්දු එංගලන්තයට එරෙහි තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක් ව සිටින අතර ඔහු ලෝඩ්ස් කඩුලු පුවරුවේ තම නම ද සටහන් කරගැනීමට සමත් වුණා.

ඒ එංගලන්තයට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී යි.

ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු තැන හා දෙවැනි තැන පිළිවෙළින් ඉන්දියාවේ දඟ පන්දු යවන්නෙකු වන රවිචන්ද්‍රන් අශ්වින් හට හස ජස්ප්‍රිට් බුම්‍රා හට හිමි ව තිබෙනවා.

තෙවැනි තැන හිමි ව ඇත්තේ ඔස්ට්‍රෙලියාවේ හේසල්වුඩ් හටයි.

මේ අතර ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට 06 වැනි ස්ථානය හිමි ව තිබෙනවා.

2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගී වූ ටෙස්ට් තරග 06න් 02ක් පමණක් ජයගෙන 06 වැනි ස්ථානයට පත් ව සිටිනවා.

පළමු තැන ඉන්දියාවටත් දෙවැනි තැන ඔස්ට්‍රෙලියාවටත්, තුන සහ සිව්වැනි තැන පිළිවෙළින් නවසීලන්තය සහ බංග්ලාදේශයටත් හිමි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?