AFC Banner
Empty Ad
Empty Ad

රියදුරු බලපත්‍ර වෙනුවෙන් අල්ලස් ගත් පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාර‍යට

වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලය මගින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍ර කාඩ්පත කඩිනමින් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් පනස්දහසක (50,000) අල්ලසක් ලබාගත් බව කියන පුද්ගලික රියදුරු පුහුණු පාසලක හිමිකරුවෙකු ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (4) නියෝග කළා.

කඩුවෙල ප්‍රදේශයේ පදිංචි නිදර්ශන පණ්ඩුල නැමැති පුද්ගලයෙකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.

පැමිණිලිකාර පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?