වනඅලියෙකුගේ පහරදීමෙන් අයෙක් රෝහල්ගත කරයි

වනඅලි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ හසලක, පල්ලේවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (04) උදෑසන මහියංගන මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වියරු වැටුණු වනඅලියා විසින් එම ස්ථානයේ තිබූ ත්‍රීරෝද රථයකට ද පහර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

හසලක – පල්ලේවත්ත මහවැලි ගංඟාව ආසන්නයේ පිහිටි පරගහමුකලාන ප්‍රදේශයේ පදිංචි ඒ. ජි. සමන් කුමාර නමැති 46 හැවිරිදි පුද්ගලයෙක් සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

කිසියම් අවශ්‍යතාවක් සඳහා මහමග ගමන් කරමින් සිටියදී මහවැලි ගංගාව දෙස සිට දිව ආ වනඅලියා ඔහු පසුපස පන්නා මෙලෙස පහර දී ඇති බව සඳහන්.

අලියාගේ පහරදීමෙන් ඔහුගේ අතකට හා පාදයකට හානි සිදුව තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු බරපතළ තත්ත්වයේ පසුවුණු මොහු ගම්වාසීන් විසින් මහියංගන මුලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

හසලක වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් වනඅලියා පන්නා දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16