පාකිස්තානයට එරෙහිව ඓතිහාසික ජයක් ලැබීමට බංගලීන්ට කදිම අවස්ථාවක්

පාකිස්තානයට එරෙහිව බංග්ලාදේශයට සිය ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව වෙනස් කිරීමට අවස්ථාවක් හිමි ව තිබෙනවා.

ඒ මේ දිනවල (02) පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හේතුවෙන්.

පළමු තරගය බංග්ලාදේශය ජයගත්තේ පාකිස්තානයට එරෙහිව ඔවුන් වාර්තා කළ මංගල ටෙස්ට් තරග ජයග්‍රහණය සනිටුහන් කරමින්.

ඒ අනුව පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශයට තවත් එක් දිනක් සහ කඩුලු 10ක් හිමිව තිබෙනවා.

ඒ දෙවැනි ටෙස්ට් තරගයේ දී පාකිස්තානය ලකුණු 172කට සියල්ලන්ම දැවී යාම හේතුවෙන්.

ඒ අනුව බංග්ලාදේශයට සිය දෙවැනි තරගය ජය ගැනීමට පාකිස්තානයෙන් ලකුණු 143ක ඉලක්කයක් හිමිවුණු අතර සිව්වැනි දිනයට තරගය නතර කරන විට බංග්ලාදේශය කිසිවෙකු නොදැවී ලකුණු 42ක් ලබා සිටිනවා.

පාකිස්තානය සිය පළමු ඉනිමට ලකුණු 274ක් ලබා ගත් අතර බංග්ලාදේශය ලබාගත්තේ ඊට පිළිතුරු ලෙස ලකුණු 262ක් පමණි.

ඉන් අනතුරුව පාකිස්තානය සිය දෙවැනි ඉනිම ලකුණු 12ක් ඉදිරියෙන් සිටිමින් ඇරඹුව ද, ඔවුන් ලකුණු 172ක් වැනි අඩු ලකුණු පරාසයක දී සියල්ලන් ම දැවී ගියා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බංග්ලාදේශයෙ හසාන් මහම්මුද් ලකුණු 43කට කඩුලු 05ක් බිඳ දැමුවා.

නහිඩ් රනා කඩුලු 04ක් ද ටස්කින් අහමඩ් එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත් වුණා.

දෙවැනි ඉනිම වෙනුවෙන් පාකිස්තානයේ සාර්ථක වූ ක්‍රීඩකයින් දෙපළ වූයේ Salman Agha (47*) සහ මොහොමඩ් රිස්වාන් (43) පමණි.

මේ වනවිට තරගය අවසන් වීමට තවත් එක් දිනක් පමණක් තිබෙන අතර, හෙට (03) දිනය අවසන් වීමට පෙර බංග්ලාදේශය කඩුලු 10ක් තුළ තවත් ලකුණු 101ක් ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?