පාකිස්තානයට එරෙහිව ඓතිහාසික ජයක් ලැබීමට බංගලීන්ට කදිම අවස්ථාවක්

පාකිස්තානයට එරෙහිව බංග්ලාදේශයට සිය ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව වෙනස් කිරීමට අවස්ථාවක් හිමි ව තිබෙනවා.

ඒ මේ දිනවල (02) පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හේතුවෙන්.

පළමු තරගය බංග්ලාදේශය ජයගත්තේ පාකිස්තානයට එරෙහිව ඔවුන් වාර්තා කළ මංගල ටෙස්ට් තරග ජයග්‍රහණය සනිටුහන් කරමින්.

ඒ අනුව පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශයට තවත් එක් දිනක් සහ කඩුලු 10ක් හිමිව තිබෙනවා.

ඒ දෙවැනි ටෙස්ට් තරගයේ දී පාකිස්තානය ලකුණු 172කට සියල්ලන්ම දැවී යාම හේතුවෙන්.

ඒ අනුව බංග්ලාදේශයට සිය දෙවැනි තරගය ජය ගැනීමට පාකිස්තානයෙන් ලකුණු 143ක ඉලක්කයක් හිමිවුණු අතර සිව්වැනි දිනයට තරගය නතර කරන විට බංග්ලාදේශය කිසිවෙකු නොදැවී ලකුණු 42ක් ලබා සිටිනවා.

පාකිස්තානය සිය පළමු ඉනිමට ලකුණු 274ක් ලබා ගත් අතර බංග්ලාදේශය ලබාගත්තේ ඊට පිළිතුරු ලෙස ලකුණු 262ක් පමණි.

ඉන් අනතුරුව පාකිස්තානය සිය දෙවැනි ඉනිම ලකුණු 12ක් ඉදිරියෙන් සිටිමින් ඇරඹුව ද, ඔවුන් ලකුණු 172ක් වැනි අඩු ලකුණු පරාසයක දී සියල්ලන් ම දැවී ගියා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බංග්ලාදේශයෙ හසාන් මහම්මුද් ලකුණු 43කට කඩුලු 05ක් බිඳ දැමුවා.

නහිඩ් රනා කඩුලු 04ක් ද ටස්කින් අහමඩ් එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත් වුණා.

දෙවැනි ඉනිම වෙනුවෙන් පාකිස්තානයේ සාර්ථක වූ ක්‍රීඩකයින් දෙපළ වූයේ Salman Agha (47*) සහ මොහොමඩ් රිස්වාන් (43) පමණි.

මේ වනවිට තරගය අවසන් වීමට තවත් එක් දිනක් පමණක් තිබෙන අතර, හෙට (03) දිනය අවසන් වීමට පෙර බංග්ලාදේශය කඩුලු 10ක් තුළ තවත් ලකුණු 101ක් ලබාගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27