ජනප්‍රිය දකුණු ඉන්දිය නළු විවේක් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ඉන්දිය නළුවෙකු වන විවේක් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මිය වනවිට 59 හැවිරිදි වියෙහි පසු වුණා.

හදිසියේ ඇති හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු ඊයේ දිනයේදී චෙන්නායිහි පිහිටි රෝහලකට ඇතුළත් කළ අතර අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කියා සිටියේ.

ඔහු මේ දක්වා චිත්‍රපටි 220කට අධික සංඛ්‍යාවකට ඔහු රංගනයෙන් දායකවී තිබීමත් විශේෂත්වයක්.

විවේක් විසින් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී කොරෝනා මර්දන එන්නත ලබා ගත් බව ද සඳහන්.

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙකු වූ කේ. බාලචන්ද්‍රන් විසින් ඔහුව සිනමාවට හඳුන්වා දෙනු ලැබු අතර, 80 දශකයේ චිත්‍රපට තුළ ඔහු ඉතා කුඩා චරිත නිරූපණය කරමින් සිටියා.

90 දශකයේ දකුණු ඉන්දිය සිනමාවේ, ජනප්‍රිය විකට නළුවෙකු ලෙස සිය ස්ථානය වෙන් කරගැනීමටයි ඔහු සමත් වුණේ.

2000 සහ 2001 කාලය තුළ විවේක් චිත්‍රපටි 50 කට රංගනයෙන් දායක වීමත් විශේෂත්වයක් වනවා.

චිත්‍රපටි රැසක ප්‍රධාන නළුවාගේ මිත්‍රයගේ චරිතය නිරූපණය කරමින් ඔහු විසින් පැවසු දෙබස ජනයා අතර ජනප්‍රියත්වයට පාත්‍ර වුණා.

මෙම යුගයේ, ජනප්‍රිය ප්‍රධාන පෙළේ නළුවන් වන රජිනිකාන්ත්, කමල්හසන්, අජිත් සහ විජෙයි යන අයත් සමග ද රංගනයෙන් දායක වීමත් විශේෂත්වයක්.

විවේක්, සිය ප්‍රහසනය තුළින් සමාජය වෙත පණිවුඩ රැගෙන යාමටත්, ඉන්දියාව තුළ පවතින මිත්‍යා මත සහ චාරිත්‍ර වාරිත්‍රවලට විරුද්ධ වීමටත් ඔහු කටයුතු කළා.

කෝවිල්පට්ටි නමැති ග්‍රාමයක විවේකානන්දන් උපත ලැබු අතර, ඔහු අධ්‍යාපනය හදාරන සමයේදී සිය රංගන හැකියාවන් ප්‍රගුණ කරගැනීමටයි සමත් වුණේ.

අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඔහු රාජ්‍ය සේවකයෙකු ලෙස  කටයුතු කළ බව ද සඳහන්.

“චින්න කලෛවානර්” නමැති අන්වර්ත නාමයෙන් හැඳින්වෙන ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු තවත් සම්මාන රැසක් දිනා ගැනීමට සමත් වුණා.

2009 වසරේදී, ඉන්දිය පුරවැසියෙකුට හිමවන ඉහළතම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

ඒ, ඉන්දිය සිනමාවට සිදු කළ සේවය අගයමින්.

ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන Dr APJ Abdul Kalamව අනුගමනය කරන අයෙකු ලෙස ද විවේක් කා අතරත් ජනප්‍රියත්වයට පත්ව සිටියා.

ගස් කෝටියක් වගා කිරීම සිය අරමුණ කරගනිමින් කටයුතු කළ ඔහු මිය යනවිට රෝපණය කර තිබු ගස් සංඛ්‍යාව ලක්ෂ 33.23ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42