නෙතන්යාහුටත් ගෙදර යන්න වෙයි ද? – රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනයා වීදි බසිති

ඊශ්‍රායලයේ මේ වනවිට (02) දැඩි විරෝධතා ආරම්භ වී තිබෙනවා.

ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සටන්කාමීන් අතර ඇති ව තිබෙන යුද්ධයේ දී හමාස් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගනු ලැබූ ඊශ්‍රායල වැසියන් 06 දෙනෙකුගේ සිරුරු හමුවීමත් සමග එරට වැසියෙන් මෙලෙස වීදි බැස ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට නිසි වැඩපිළිවෙළක් හෝ ක්‍රියාමාර්ගයක් සකස් නොකළ බවයි.

එබැවින් වහාම ගාසා තීරයේ සිදු වන යුද්ධය නවතා දැමීමට ගිවිසුමක් අවශ්‍ය බවට ද විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.

මේ වනවිට ජෙරුසෙලම, ටෙල් අවිව් ආදි නගරවලට ලක්ෂ 5කට අධික විරෝධතාකරුවන් සටන් පාඨ පෙරදැරි කරගනිමින් වීදි බැස ඇති බවයි වාර්තා වන්නේ.

තවත් ප්‍රාණ ඇපකරුවන් 101 දෙනෙකු හමාස් භාරයේ සිටින බවත් වහාම ඔවුන් ව නිරුපද්‍රිතව ගෙන ඒමට අගමැති නෙතන් යාහු ඇතුළු බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බවත් විරෝධතාකරුවන් සිය විරෝධතාවල දී සඳහන් කර තිබෙනවා.

මෙම විරෝධතාකරුවන් අද වනවිට අගමැති නෙතන්යාහුගේ නිවස ඉදිරිපිටට රැස්ව මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ පින්තූර සහිත පුවරු ඔසවා ගනිමින් උද්ඝෝෂණයේ නිරත වුණා.

විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් 29 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර; එරට කම්කරුවන් අද දින එක් දින වර්ජනයක් ද ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
18
+1
9
+1
2
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32