AFC Banner
Empty Ad
Empty Ad

ජේ ෂාගේ ඉවත්වීමෙන් පසු ආසියානු ක්‍රිකට් මුල් පුටුවට තියුණු තරගයක්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ ජේ ෂා පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස පත් වුණා.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත්වීමට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ධුරයට අමතරව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළා.

ඒ, අනුව මෙම නව පත්වීමත් සමඟ ඔහුට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ද ඉවත්වීමට සිදුවනවා.

ඔහුගේ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත්වීම සඳහා මේ වනවිට තියුණු සටහනක් නිර්මාණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වාර්තා අනුව, නව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස නම් කිරීමේ තරඟයේ පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී මොහ්සින් නක්වි බවයි වාර්තා වන්නේ.

මෙම වසර අග දී ආසියානු ක්‍රිකට් කවුන්සිලය රැස් වූ විට ඉදිරි වර්ෂ දෙකක ධුර කාලයක් සඳහා මොහ්සින් නක්වි මීළඟ සභාපති වනු ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?